අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

October 31, 2025   04:52 pm

කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත රුපියල් ලක්ෂ 5ක අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව සභාපතිවරයා එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමග සභාපතිවරයාගේ පුද්ගලික රියදුරුද අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට by poornima