කල්දැමූ LPL 6වන අදියර ලබන වසරේ ජූලි-අගෝස්තු මාසවලදී ?

කල්දැමූ LPL 6වන අදියර ලබන වසරේ ජූලි-අගෝස්තු මාසවලදී ?

October 31, 2025   02:46 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී කල් දැමූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 6වන අදියර ලබන වසරේ ජූලි-අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් 2026 වසරේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියවේ සම සත්කාරකත්ව යටතේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ සකස් කිරීම සඳහා තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය.

ඒ අනුව ලෝක කුලානය හා ශ්‍රී ලංකාවේ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සැලකිල්ලට ගෙන LPL 6වන අදියර ලබන වසරේ පැවැත්වෙන දිනයන් තීරණය කෙරෙනු ඇත.

කෙසේ නමුත් තරගාවලිය පෙර සැලසුම්කර තිබූ පරිදි කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය සහ මහනුවර යන කණ්ඩායම් සහභාත්වයෙන්ම පැවැත්වෙනු ඇති බව සඳහන්.

මේ අතර මෙම තරගාවලියේ දී නිල සන්නාම තානාපති ලෙස පත්කර සිටි බ.ඉ. කොදෙව් සුපිරි පිතිකරු එළෙසින්ම එක්වනු ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් රවින්ද්‍රන් අශ්වින් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද තරගාවලියට එක්වීමට නියමිතව ඇති බවත් සඳහන්.