දකුණු අප්‍රිකාවෙන් එංගලන්තයට වාර්තාගත ඉලක්කයක්
October 29, 2025 06:57 pm
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කිරීමට සමත් විය.
මෙය වසර 52ක එක්දින කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
2022 අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබාගත් 356 එහි වාර්තා වේ.
දකුණු අප්‍රිකානු නායිකා මෙන්ම ආරම්භක පිතිකාරිනී ලෝරා වොල්වාඩ් පන්දු 143කට මුහුණදෙමින් ලකුණු 169ක් රැස්කළේය.
