හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලාගනී
October 29, 2025 05:28 pm
කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (29) දහවල් හැඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
සැකකරු ගෙල වැළලාගෙන ඇති බවට දැනගැනීමෙන් පසු කඩිනමින් ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණත් ඒ වනවිටත් සැකකරු මියගොස් සිටි බවද කුලියාපිටිය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇරෑපොල සිරිපැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුට එරෙහිව කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධ චෝදනා රැසක් එල්ලවී තිබූ බවද වාර්තා වෙයි.
ඒ අනුව මෙම සැකකරු කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවද සඳහන් ය.
මියගිය සැකකරුගේ සිරුර මේ වනවිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
