කාන්තාවන් වෙනුවෙන් කොමිෂන් සභාවක්

කාන්තාවන් වෙනුවෙන් කොමිෂන් සභාවක්

October 29, 2025   03:51 pm

කාන්තාවන්ට ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමු වීී ඇති බව  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම කොමිෂන් සභාව සඳහා දැනටමත් සත්දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් පිරිසක් පත්කර ඇතිි බව ද වාර්තා වේ.

2024 අංක 34 තරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ ලැබී ඇති බලතල අනුව මෙම සාමාජිකයින් පත්කර ඇත.

මෙම කාන්තා කොමිෂන් සභාව හරහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී  කාන්තාවන්ට සිදුවෙන ගැටලු, හිරිහැර සහ අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම මෙමඟින් කාන්තාවන් සම්බන්ධයෙන් අධිකරණ තුළ පවතින නඩුව විභාග සඳහා ද අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.