අල්ලස් ගත් අධිකරණ කාර්යාල කාර්ය සහයකයා අත්අඩංගුවට

අල්ලස් ගත් අධිකරණ කාර්යාල කාර්ය සහයකයා අත්අඩංගුවට

October 29, 2025   03:18 pm

රුපියල් 10,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරු මත, සිදු කරන ලද වැටලීමකට අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (29) පෙ.ව.10.26ට පමණ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ ඇති වෙළෙඳසැලක් ඉදිරිපිට දී සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු කොළඹ 12, දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු සේවය කර තිබුණි.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.