රුමේෂ් තරංගගෙන් රන් පදක්කමක්

රුමේෂ් තරංගගෙන් රන් පදක්කමක්

October 26, 2025   06:03 pm

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ඔහු මීටර් 84.29ක දුරක් විසිකරමින් සිය ඉසව්ව ජයග්‍රහණය කළේය.

මෙහි රිදී පදක්කම සුමේධ රණසිංහ විසින් දිනාගත් අතර, ඔහු මීටර් 81.62ක දුරක් විසිකිරීමට සමත් විය.