හර්ෂගෙන් රන් පදක්කමක්

හර්ෂගෙන් රන් පදක්කමක්

October 26, 2025   06:23 pm

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති පිරිමි මීටර 800 ඉසව්වේ රන් පදකක්ම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ හර්ෂ කරුණාත්න සමත් විය.

විනාඩි 1.51.96කින් තරගය අවසන්කර ඔහු මෙම පදක්කමට හිමිකම් කීය.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව අබිබවා නේපාලය විසින් දිනාගැනීමය.

නේපාල ක්‍රීඩකයා විනාඩි 1.52.03කින් තරගය අවසන් කළේය.

ඉන්දියාවට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කමෙන් සෑහීමට සිදු වූ අතර, ඔහු විනාඩි 1.52.37ක දක්ෂතාවක් දැක්වීය.