සයුරෙන් එතෙර
සාකච්ඡා සඳහා පුටින් සූදානම්
October 24, 2025 10:25 am
රුසියාව තවදුරටත් සාකච්ඡාවට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.
පුටින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, සාකච්ඡාව සෑම විටම යුද්ධයට වඩා යහපත් බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර නුදුරේදීම පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කිරීමට අමෙරිකානු පාර්ශ්ව පසුගියදා තීරණය කළේය.
ජනාධිපති ට්‍රම්ප් මේ බව අනාවරණ කළේ එලෙස සාකච්ඡා පැවැත්වීමේ ප්‍රයෝජනයක් නොමැති බව පවසමිනි.
කෙසේ නමුත් තවදුරටත් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති පුටින් අවධාරණය කරයි.
එමෙන්ම අමෙරිකානු පාර්ශ්වයම යෝජනා කළ සාකච්ඡාව ඔවුන් විසින්ම මඟහැරීම සම්බන්ධවත් පුටින් අදහස් පළ කළේය.
ඒ සඳහා තමන් සූදානම්ව සිටි බවත් පුටින් එහිදී අනාවරණ කර තිබුණි.
