බැකෝ සමන්ට අයත් සුඛෝපබෝගී බස් රථ 2ක් හමුවෙයි
October 23, 2025 05:41 pm
බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.
ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව සඳහන්.
එමෙන්ම රුපියල් කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මොනරාගල - කොළඹ අතර මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබේ.
මෙහි එක් බස් රථයක් බැකෝ සමන් අත්අඩංගුවට ගැනීමට සති දෙයකට පෙර මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇත.
එමෙන්ම එම බස් රථ දෙක වෙනත් අයගේ නම් යොදාගෙන මිලදීගන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකය.