මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු කහව දී අත්අඩංගුවට
October 19, 2025 11:42 am
හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 359ක් සමඟ පුද්ගලයෙකු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ ස්ථාපිත කර ඇති හම්බන්තොට කලාප බුද්ධි අංශයේ නිළධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
සැකකරු 28 හැවිරිදි අයෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිසිය වෙත භාර දී ඇති බව විශේෂ කාර්ය බලකාය පැවසුවේය.