දැඩි සුළං හේතුවෙන් කුරුණෑගල නිවාස 100කට අර්ධ හානි

දැඩි සුළං හේතුවෙන් කුරුණෑගල නිවාස 100කට අර්ධ හානි

October 18, 2025   06:43 pm

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සහ නිකවැරටිය යන ප්‍රදේශවලට ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ සිදුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවය.

අවුලේගම, තමිල්වැල්ලම, ඈතම, කරඳවැටිය  ආදී ප්‍රදේශයන්ට මෙම තත්ත්වය බලපා ඇති බවද ඒ මහතා පැවසීය.

මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය අනුව තවදුරටත් ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති බවය.