රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි හය බැගින් විවෘත කෙරේ
October 18, 2025 04:24 pm
දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු දැනට විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර්නනේ, රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි හයකින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 8,352ක මුළු ජල ප්රමාණයක් මුදා හරින බවය.
මේ අතර අංගමුව වැවේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 2,994ක් ජල ප්රමාණයක් මුදා හරී.
මේ අතර ගලහා නිල්ලඹ ජලාශයේ වාන් දොරටු තුනක් අද (18) සවස විවෘත කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
පවතින අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ඊයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ වර්ෂාපතනය සමග එම ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යන බැවින් මෙම පියවර ගත් බවය.