'ෆෙන්ෂෙන්ග්' නිසා  පිලිපීන ජනතාව පීඩාවට

'ෆෙන්ෂෙන්ග්' නිසා පිලිපීන ජනතාව පීඩාවට

October 18, 2025   04:49 pm

“ෆෙන්ෂෙන්ග්“ කුණාටුවේ බලපෑම හේතුවෙන් පැසිෆික් වෙරළ ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් යුතුව ෆෙන්ෂෙන්ග් කුණාටුව වෙරළබඩ ප්‍රදේශයට බලපෑ හැකි බව එරට කාලගුණ අංශ පෙන්වා දී ඇත.

එහි බලපෑම පළමුව කැටන්ඩුආස් දූපතට බලපා හැකි බව ද සඳහන් වේ.

මේ හේතුවෙන් 270,000ක් පමණ ජනතාවක් වෙසෙන එම දූපතෙන් මේ වන විට පුද්ගලයින් 9,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් තිබේ.

ඇල්බේ පළාතේ වෙසෙන පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසක් ද කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් ඇත.