කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර ඇගයීමක්
October 18, 2025 03:32 pm
'Financial Times'හි fDi අංශය විසින් සිදුකරනු ලැබූ 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ඇගයීමකදී 'ආසියා-පැසිෆික්' හොඳම දැනුම් කලාපය ලෙස කොළඹ වරාය නගරය (PCC) නම් කර ඇත.
ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් දත්ත, ප්‍රවෘත්ති සහ විශ්ලේෂණ සපයන ලොව ඉහළ පිළිගැනීමක් ඇති Financial Times හි විශේෂඥ අංශයක් ලෙස fDi (fDi Intelligence) සැලකෙයි.
ඒ අනුව අදාළ විශ්ලේෂණයෙන් කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රවණතා හා ආයෝජන අවස්ථා සැලකිල්ලට ගෙන මෙම නම්කිරීම ප්‍රකාශයට පත්කර ඇත.
මෙම පිළිගැනීමත් සමග කොළඹ වරාය නගරය ලොව ඉහළම ක්‍රියාකාරී දැනුම් කලාප අතරට එක්වන අතර, ගෝලීය සේවා, නවෝත්පාදන සහ ඩිජිටල් ආර්ථික ආයෝජන සඳහා නැගී එන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගතකර තිබේ.
හෙක්ටයාර 269ක ගොඩකරන ලද භූමියක ඉදිකරන ඇති කොළඹ වරාය නගරය 2021 වසරේ දී විශේෂ ආර්ථික කලාපයක් (SEZ) ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
පසුගිය ආර්ථික අර්බුද සමයේ වුවද, කොළඹ වරාය නගරය ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇත.
මෙම නම්කිරීමට අනුව ලොව හොඳම ක්‍රියාකාරී නිදහස් කලාපය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'Dubai Multi Commodities Centre' නම්කර ඇත.
යුරෝපා කලාපයෙන් ස්පාඤ්ඤයේ 'Zona Especial Canaria', අප්‍රිකානු කලාපයෙන් නයිජිරියාවේ 'Eko Atlantic Free Zone'තෝරාගෙන තිබේ.
එමෙන්ම අමෙරිකානු කලාපයෙන් සිනමන් දූපත් හි 'Cayman Enterprise City' තෝරාගෙන ඇත.