පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

October 18, 2025   12:06 pm

දීපාවලි උත්සවය වෙනුවෙන් එළැඹෙන අඟහරුවාදා (21) දින මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් අඟහරුවාදා දිනයේ නිවාඩු ලබාදෙන සියලුම දෙමළ මාධ්‍ය පාසල් පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ, එළැඹෙන සෙනසුරාදා (25) පාසල් පවත්වන ලෙසය.

දීපවාලි උත්සවය එළැඹෙන සඳුදා (20) දිනට යෙදී ඇත.