අගමැතිනිය චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සූදානමින්
October 9, 2025 05:37 pm
අගමැති හරිනි අමරසූරිය මෙනවිය එළැඹෙන 13 වැනිදා චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (09) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
එහිදී අගමැතිනිය චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් චීනයේ ප්‍රධාන දේශපාලනඥයින් කිහිප දෙනෙක් සමග ද්වි පාර්ශවික සාකච්ඡා සිදු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ චීන සංචාරයෙන් පසුව අගමැති හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාවේ ද නිල සංචාරයක නිරත වන බවය.
එම නිල සංචාරයේදී ද ඉන්දිය අගමැතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් මුණ ගැසීමට සූදානම් බවත් ඒ හරහාද රටට දේවල් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,
''චීනයේ ගමනත් එක්ක අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා අපි ගොඩක් දේවල් ලබා ගත්තා මේ 2025 අවුරුද්දට මුලු ලංකාවෙම දුවා දරුවන්ට පාසල් නිල ඇඳුම නොමිලේ අපිට චීනයෙන් ලබා දෙන්නේ 2026 අවුරුද්දටත් දෙනවා. අපි ලෝකයේ විවිධ රටවල් සමග දවසින් දවස රාජ තාන්ත්‍රික සබදතා ශක්තිමත් කරන් යනවා.. මේ කෙටි කාලය තුළ අපි ලබා ගත්ත ජයග්‍රාහණ විශාල ප්‍රමාණයක් තියෙනවා''