හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉල්ලා හිමිනමක් උපවාසයක
October 8, 2025 05:39 pm
රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියන් අද (08) දහවල් 01.00 ට පමණ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති D.S.සේනානායක පිළිරුව ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑමට මෙන්ම ඔහුගේ සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ද නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් ස්වාමීන්වහන්සේ විසින් මෙම උපවාසය ආරම්භකර ඇති බව වාර්තා වේ.