සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා - අගමැති
October 8, 2025 04:26 pm
රජය කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ ප්රවර්ධනයක් සිදු නොකරන බවත්, සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (08) පාර්ලිමේන්තු විවාදයේදී විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් (LGBTIQ+) සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරිය,
"සමාජයේ සංවේදි කාරණා දේශපාලන වාසි සඳහා යොදා ගන්න එපා. එවැනි කාරණා ඉදිරිපත් කරද්දි අපි සංවේදී විය යුතුයි. ඒවායින් අපහසුතාවට පත්වන ප්‍රජාවක් ඉන්නවා. ව්‍යවස්ථාවේ තිබෙනවා සියලුදෙනාටම එක හා සමානව සැලකිය යුතුයි කියලා. රජයේ ස්ථාවරය පැහැදිලියි. අපි කිසිම කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයක් විශේෂ ප්රවර්ධනයක් කරන්නේ නැහැ."
මෙහිදී බන්ධානාගාර ගතව සිටින පිරිස් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකටද අග්‍රාමාත්‍යවරිය මෙලෙස පිළිතුරු ලබා දුනි.
"බන්ධනාගාරයේ සිදුවිය ප්‍රතිසංස්කරණ අධිකරණ අමාත්‍යතුමා හා අමාත්‍යාංශය ඒ පිළිබඳ සොයා බලනවා. වයස අවුරුදු පහට අඩු දරුවන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ සුභ සාධනය පිළිබඳ මැදිහත්වීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන් දරුවන් මෙවැනි ස්ථානවල සිටීම වැළැක්වීමට නම් අධිකරණ ක්‍රියාවලිය වෙනස් කළ යුතුයි."