පළාත් සභා ඡන්දෙ අවශ්‍ය වන්නේ ඇයි ?

පළාත් සභා ඡන්දෙ අවශ්‍ය වන්නේ ඇයි ?

October 3, 2025   11:55 am

වර්තමානයේදී පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව පවසන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව ජනමතයක් පවතින බවට හුවා දැක්වීමට පමණක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කිසිඳු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළ හෝ පළාත් සභා මැතිවරණය අවශ්‍ය බවට කිසිදු ප්‍රශ්නයක් යොමු කරමින් විසමා නොමැති බවද ඔහු සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය අවශ්‍ය වන්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් ජනතාවට තේරුම් කර නොදී, මෙය පැවැත්වීම අවශ්‍ය බවට වන මතය ජයග්‍රහණය කළ නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.