ප්‍රදේශ කිහිපයකට නායයෑම්  අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

September 27, 2025   08:42 pm

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය අද (27) පස්වරු 4.00 සිට හෙට (28) පස්වරු 4.00 දක්වා වලංගු වේ.

ඒ අනුව, 

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න


කොළඹ දිස්ත්‍රික්කය
- සීතාවක

ගාල්ල දිස්ත්‍රික්කයේ.
- ඇල්පිටිය
- යක්කලමුල්ල 
- නාගොඩ 
- බද්දේගම

කළුතර දිස්ත්‍රික්කය
- පාලින්දනුවර 
- වලල්ලාවිට  
- මතුගම

මහනුවර දිස්ත්‍රික්කය
- උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය
- දෙහිඕවිට

කුරුණෑගල දිස්ත්‍රික්කය
- අලව්ව

මාතර දිස්ත්‍රික්කය
- පිටබැද්දර
- වැලිපිටිය 
- කොටපොල

නුවරඑළිය දිස්ත්‍රික්කය
- අඹගමුව 
- කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය
- ඇහැලියගොඩ
- කුරුවිට
- කිරිඇල්ල 
- නිවිතිගල 
- අයගම
- පැල්මඩුල්ල 
- ඇලපාත 
- රත්නපුර
- කලවාන