විදුලිය සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා කළ ගැසට්ටුව අනුමැතිය සඳහා හෙට පාර්ලිමේන්තුවට

විදුලිය සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා කළ ගැසට්ටුව අනුමැතිය සඳහා හෙට පාර්ලිමේන්තුවට

September 23, 2025   05:02 pm

විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ අද (23) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව තීරණය වූ බවය.

මේ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශනය මෙලෙස විවාදයකින් තොරව හෙට දින අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.