ඇෆ්ගන් සරසවිවල කාන්තාවන් ලියන ලද පොත් තලේබාන්වරු තහනම් කරයි

ඇෆ්ගන් සරසවිවල කාන්තාවන් ලියන ලද පොත් තලේබාන්වරු තහනම් කරයි

September 19, 2025   05:01 pm

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබන කාන්තාවන් විසින් ලියන ලද පොත් නව තහනමක කොටසක් ලෙස තලේබාන් රජය විසින් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

"ෂරියා විරෝධී සහ තලේබාන් ප්‍රතිපත්ති" යන තේමාවට අදාළව පොත් 680ක් තහනම් කර ඇති අතර ඒ අතර "රසායනික විද්‍යාගාරයේ ආරක්ෂාව" වැනි මාතෘකා ඇතුළත් පොත් 140ක් පමණ ප්‍රමාණයක්ද මෙම තහනමට ඇතුළත් විය.

මෙම නියෝගය වසර හතරකට පෙර බලයට පත්වීමෙන් පසු තලේබාන්වරු ගෙන ආ සීමා මාලාවක නව සීමාවක් ලෙස වාර්තා වේ.

එමෙන්ම මෙම සතියේ පමණක් තලේබාන්වරුන්ගේ උත්තරීතර නායකයාගේ නියෝග මත‍ පළාත් 10ක පමණ "ෆයිබර් ඔප්ටික් අන්තර්ජාලය" තහනම් කර ඇත.

මෙම තලේබාන් නීතිරීති කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් කරන අතර ඔවුන්ට හයවන ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා අවසර තිබේ.

තවද විශ්වවිද්‍යාල විෂයයන් 18ක් තහනම් කර ඇති අතර එහිදී ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ කාන්තාවන්ය. 

එනම් තහනම් කර ඇති විෂයයන් 18න් හයක් විශේෂයෙන් කාන්තාවන් පිළිබඳ වන අතර, ඒවාට ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය, සන්නිවේදනයේ කාන්තාවන්ගේ භූමිකාව සහ කාන්තා සමාජ විද්‍යාව යන විශයයන් මෙන්ම මානව හිමිකම් සහ ලිංගික හිංසනය ඉගැන්වීම ද තහනම් කර ඇත.

තලේබාන් රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යයන අධ්‍යක්ෂ සියුර් රහ්මාන් ආරියුබි, විශ්වවිද්‍යාල වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ "ආගමික විද්වතුන් සහ විශේෂඥයින්" මණ්ඩලයක් විසින් මෙම තීරණ ගෙන ඇති බවය.