ශ්‍රීලනිප අලුත් ගමන බදුල්ලෙන් ඇරඹෙයි
September 19, 2025 12:11 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (19) බදුල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කෙරුණි.
තරුණ, කාන්තා, භික්ෂු සංවිධාන පිහිටුවමින් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑම මෙම ප්‍රතිසංවිධාන කටයුතුවල අරමුණ බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 9ම මීට එක් කරගන්නා බව ඔහු පැවසීය.