ඉන්දු - නේපාල නායකයින් අතර සාකච්ඡාවක්
සයුරෙන් එතෙර

ඉන්දු - නේපාල නායකයින් අතර සාකච්ඡාවක්

September 19, 2025   01:09 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ අන්තර්වාර අගමැතිනි සුෂිලා කර්කි සමග දුරකථන සංවාදයක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කර්කි නේපාලයේ අන්තර්වාර නායකයා ලෙස බලයට පත්වීමෙන් පසුව ඇය සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති පළමු සාකච්ඡාව මෙය වෙයි.

නේපාලයේ විරෝධතා අතරතුර සිදුවූ ජීවිත අහිමිවීම් සම්බන්ධයෙන් එහිදී අග්‍රාමාත්‍ය මෝදි සිය ශෝකය පළකර තිබේ.

එමෙන්ම අගමැති මෝදි එහිදී පවසා ඇත්තේ දෙරට අතර විශේෂ සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට ඉන්දියාව සූදානම බවය.

එමෙන්ම සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ නේපාල ජනතාවගේ ප්‍රගතිය සඳහා දරන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද මෝදි පවසා ඇත.