බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට
September 14, 2025 04:53 pm
රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තා ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අද (14) තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සූරියවැවදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල නාමල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 39 හැවිරිදි පුද්ගලයෙකි.
බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියදී ඔහු අම්පාර ප්‍රදේශයට හා පසුව පොළොන්නරුව ප්‍රදේශයට පලාගිය බවට තොරතුරු අනාවරණය විය.
කෙසේවෙතත් ඔහු මීට දින කිහිපයකට පෙර සූරියවැව ප්‍රදේශයට නැවත පැමිණ ඇති අතර ඔහු එම ප්‍රදේශයේ වෑන් රථයකින් සැරිසරන බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් අදාළ සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් හා හෙරොයින් ග්‍රැම් 250ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එමෙන්ම සැකකරු භාරයේ තිබුණු බැංකු ගිණුම් කිහිපයක් පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් අදාළ සැකකාර පුද්ගලයා සූරියවැව පොලීසියට භාරදී ඇති අතර, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත් කිරීමට නියමිතය.