මහරගම රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

මහරගම රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

September 12, 2025   05:26 pm

මහරගම පුවක්පිටිය විපශ්‍යාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

ඒ අනුව හෙට (13) සවස 7.30 සිට අලුයම 3 දක්වා වු කාලයේ දී මෙම වාහන ධාවනය සීමා කරන බව පොලීසිය නිවේදනය කරයි.

පෙරහැර විපශ්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී විපශ්‍යාරාම පාර, දෙහිවල පාර ඔස්සේ මහරගම ඩිපෝව අසල විද්‍යාකර මාවතෙන් දකුණට විද්‍යාකර මාවත ඔස්සේ ගමන් කර හයිලෙවල් පාර, ඇල්හේන පාරෙන් වමට ගමන් කර මහරගම ඔරලෝසු කණුව අසලින් නැවත දෙහිවල පාර ඔස්සේ විහාරස්ථානයට ගමන් කිරීමට නියමිතය.

එනිසා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය දැනුම්දෙයි.

* හයිලෙවල් මාර්ගයේ කොළඹ දිසාවට ගමන් ගන්නා රථ වාහන ජනාධිපති හන්දියෙන් පරණ පාර ඔස්සේ ද දෙහිවල, පිළියන්දල, බොරලැස්ගමුව ගමන් ගන්නා රථවාහන ජනාධිපති හන්දියෙන් වම් පසට ඇති මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

*හයිලෙවල් මාර්ගයේ කොට්ටාව දෙසට ධාවනය වන රථ වාහන පරණ පාර ඔස්සේ බොරලැස්ගමුව, දෙහිවල පිළියන්දල ගමන් ගන්නා වාහන වත්තේගෙදර හන්දියෙන් වත්තේගෙදර මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

*බොරලැස්ගමුව දෙස සිට මහරගම කොට්ටාව හයිලෙවල් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන වැව පාර ඔස්සේ වත්තේගෙදර හරහා ගමන් කළ හැකිය.

* පිළියන්දල දෙස සිට මහරගම කොට්ටාව කොළඹ දිසාවට ගමන් ගන්නා වාහන සොම්බෝ හෝටලට අසලින් දකුණට ඇති මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.