ඉන්දුනීසියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
September 12, 2025 04:41 pm
ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වු ගංවතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගංවතුරට ගාසා ගෙන ගොස් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.
එමෙන්ම ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව සිටි පුද්ගලයින් 562 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද එරට ආපදා කළමණාකරණ අංශ කටයුතු කර ඇත.
වැසි තත්ත්වය ක්‍රමයෙන් පහව ගිය ද කාලගුණික නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඉන්දුනීසියානු කාලගුණික අංශ ජනතාවට දැනුම්දීමක් කර තිබේ.