ඉතිහාසයේ පළමුවරට මුණගැසෙන කණ්ඩායම් 2ක් අද ඩුබායිහිදී පිටියට
September 12, 2025 03:02 pm
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා ඕමානය අතර තරගය අද (12) ඩුබායිහිදී පැවැත්වේ.
දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.
'A' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය තරගාවලියේ සිව්වන තරගය යි.
මෙම තරගයේ සුවිශේෂත්වය වන්නේ පාකිස්තානය හා ඕමානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුහුණට මුහුණ තරගවදින පළමු අවස්ථාව මෙය වීමයි.
ICC පැරැණිම පූර්ණ සාමාජික රටවක්වන පාකිස්තානයට වසර 73කට වැඩි ජාත්‍යන්තර ක්‍රිකට් අතීතයක් ඇත.
ඔවුන් 1952 වසරේ දී ඉන්දියාවට සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩාකරනු ලැබීය.
කෙසේ නමුත් ICC අර්ධ සාමාජික රටක්වන ඕමානයට ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස වසරක අත්දැකීම්ය.
ඔවුන් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩාකර ඇත්තේ 2015 වසරේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිවය.
එම තරගය විස්සයි20 ක්‍රිකට් තරගයක් ලෙසින් පැවැත්විණි.