සයුරෙන් එතෙර
පෝලියෝ පාලනය පාකිස්තානයට අභියෝගයක්
September 12, 2025 01:01 pm
මෙම වසර තුළ පාකිස්තානයේ පෝලියෝ ආසාදිත ළමුන් 21 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානය එරටින් පෝලිය තුරන් කිරීමට ගන්නා දැඩි උත්සාහය අසාර්ථක වෙමින් ඇතැයි එම වාර්තා මගින් පෙන්වා දෙන බවය.
2025 වසර පාකිස්තානය පෝලියෝ තුරන් කිරීමට නියමිතව තිබේ.
පාකිස්තානයේ ජාතික සෞඛ්‍ය ආයතනයට වාර්තා නොවූ තවත් රෝගීන් රට තුළ සිටිය හැකි බවත් විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය තුළ පවතින දේශපාලන තත්ත්වය, සමාජ ආකල්ප රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව බලපා ඇති බවත් පැවසෙයි.