සයුරෙන් එතෙර
ඉන්දු - අමෙරිකා වෙළඳ සාකච්ඡා යළි ඇරඹෙන ලකුණු
September 11, 2025 02:25 pm
වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දු - අමෙරිකා නියෝජිත පිරිසක් ලබන සතියේ හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙරට අතර කඩිනමින් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති නරේන්ද්‍ර මෝදි යන දෙදෙනාම නිලධාරීන්ට උපදෙස් දීමෙන් පසු මෙම සාකච්ඡා සිදුවනු ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා තිබුණේ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පවතින වෙළඳ බාධක පිළිබඳ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවය.
සිය සමීප මිතුරෙකු වන නරේන්ද්‍ර මෝදි සමග ඉදිරි සතිවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී පවසා ඇත.
එමෙන්ම ට්‍රම්ප් පවසා තිබුණේ රටවල් දෙකටම සාර්ථක තත්ත්වයකට පැමිණීමට කිසිදු අපහසුවක් ඇති නොවන බවට තමා විශ්වාස කරන බවත්ය.