අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන්ට ඇප

අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන්ට ඇප

September 11, 2025   03:44 pm

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ සම්පත් රත්නායක සහ එහි හිටපු ඉඩම් අධ්‍යක්ෂ වීරවංශ පෙරේරා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.