කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

September 10, 2025   03:45 pm

ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (10) පස්වරුවේ නම් කළේය.

තුන්ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් අතර, එහි උපනායිකාව ලෙස අනුෂ්කා සංජීවනී නම්කර ඇත.

මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 30වනදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය 30 වැනිදා ගුවාතිහිදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1) චමරි අතපත්තු (නායිකාව), 2) හසිනි පෙරේරා, 3) විශ්මි ගුණරත්න, 4) හර්ෂිත සමරවික්‍රම, 5) කවිෂා දිල්හාරි, 6) නිලක්ෂි ද සිල්වා, 7) අනුෂ්කා සංජීවනී (උපනායිකාව), 8) ඉමේෂා දුලානි, 9) දෙව්මි විහංඟා, 10) පියුමි වත්සලා, 11) ඉනෝකා රණවීර, 12) සුගන්දිකා කුමාරි, 13) උදේශිකා ප්‍රබෝධනී, 14) මල්කි මදාරා, 15) අචිනි කුලසූරිය

සංචාරක අතිරේක - ඉනෝෂි ප්‍රනාන්දු