නේපාලයේ තත්ත්වය ගැන ඉන්දියාව අවධානයෙන්
සයුරෙන් එතෙර

නේපාලයේ තත්ත්වය ගැන ඉන්දියාව අවධානයෙන්

September 10, 2025   06:19 pm

නේපාලයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දීය පුරවැසියන් සඳහා සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.

මේ අතර නේපාලයේ පවතින තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවද අර්බුදකාරී තත්ත්වය ස්ථාවර වන තුරු නේපාලයට සිදු කරන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටී.

දැනටමත් නේපාලය තුළ සිටින පුද්ගලයින් සඳහා ආරක්ෂක උපදෙස් නිකුත් කර තිබේ.

එහිදී කත්මන්ඩු පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද සියලුම ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් දැනුම්දී ඇත.