සයුරෙන් එතෙර
ජෙරුසලමට ඇතුළු වන ස්ථානයේ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
September 8, 2025 01:33 pm
UPDATE - ජෙරුසලමේ සිදුවූ වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මියගොස් ඇත්තේ අවුරුදු 30-50ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු බවත් එම මාධ්‍ය වාර්තා හී සඳහන් වේ.
එමෙන්ම තුවාල ලැබූ තවත් පස් දෙනෙකු ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.
ජෙරුසලමට ඇතුළු වන ස්ථානයේ වෙඩි තැබීමකින් 15කට තුවාල
ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිහිටි පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මූලික වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.