කැලණිවැලි මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

September 8, 2025   08:16 pm

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර පීලි පැනීමකට ලක්ව තිබේ. 

ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දුම්රිය පීලි පැනීමට ලක්වූ අවස්ථාවේදී ඒ අසල නවතා තිබූ තැඹිලි පැටවූ කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පස්වරු 4.25ට පිටත් වූ දුම්රිය මෙලෙස පුවක්පිටිය උපදුම්රිය ස්ථානය අසලදී පිලීපැනීමට ලක්ව ඇත.

දුම්රිය පීලි ගතකිරීමේ කටයුතු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.