නිධන් හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් DIG සහ බිරිඳ ඇතුළු නවදෙනා යළි රිමාන්ඩ්
September 8, 2025 09:38 pm
නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගර ගතකර සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු නවදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (08) ඔවුන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් නියෝගය කර ඇත.
ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු නවදෙනාට එරෙහිව චෝදනා එල්ලවී ඇත.