කාන්තාවක් ඝාතනයකට ආධාර අනුබල දුන් අයෙකු අත්අඩංගුවට
September 8, 2025 09:39 am
පෙරියනීලාවෙනි පොලිස් වසමේ නිලාවෙනි පාර පෙරියනිලාවෙනි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අම්පර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 30 වැනිදා සිදුකර ඇති මෙම ඝාතනය සම්බන්ධව එම නිලධාරීන් කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ විමර්ශනයක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඊයේ (07) දින මෙම සැකකරු අදාළ ඝාතනය සම්බන්ධව ආධාර අනුබල දීමේ චෝදනාව මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම සැකකරු සතුව තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගැනීමටද එම නිලධාරීන් කටයුතු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20ක් වූ පෙරියනීලාවෙනි 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන අම්පාර අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරති.