සයුරෙන් එතෙර
පාකිස්තානයේ බෝට්ටුවක් පෙරළී පස් දෙනෙකු මරුට
September 7, 2025 12:10 pm
පාකිස්තානයේ දකුණු පන්ජාබ් ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්තානයේ ගංවතුරින් පීඩාවට පත්වී සිටින පිරිස් ඉවත් කරමින් සිටි බෝට්ටුවක් මෙලෙස පෙරළී ගොස් ඇති බවය.
බෝට්ටුව පෙරළුණු ද එහි ගමන් ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු බේරා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
පාකිස්තානයේ බලපා ඇති ගංවතුර තත්ත්වය එරට ගම්මාන 4,100කට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල කර ඇති අතර තවත් මිලියන 2කට අධික පිරිසක් සිය නිවාසවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.