US Open කාන්තා ශූරතාව බෙලරුසියාවේ අරිනා සබලෙන්කාට
September 7, 2025 03:28 pm
2025 අමෙරිකානු විවෘත (US Open) ටෙනිස් තරගාවලියේ කේවල කාන්තා ශූරතාව දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙලරුසියාවේ අරිනා සබලෙන්කා සමත් විය.
මෙරට වේලාවෙන් අද (07) අලුයම අවසන් වූ අවසන් මහා තරගයේ දී ඇය හමුවේ අමෙරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත් වූවාය.
එම තරගය ක්‍රීඩාකරන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 8වන ස්ථානයේ පසු වූ ඇය, සබලෙන්කා හමුවේ ලකුණු 6-3ක් හා 7-6(3)ක් ලෙස පරාජය විය.
මේ වනවිට 27වන වියේ පසුවන සබලෙන්කා, අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගත් දෙවන අවස්ථාව මෙයයි.
ඇය ඉකුත් 2024 වසරේදී ද මෙහි ශූරතාව දිනාගත්තාය.
එමෙන්ම මෙය සබලෙන්කා ජයග්‍රහණය කළ 4වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වේ.
ඇය මීට පෙර 2023 හා 2024 වර්ෂයන්හි දී පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා ජයග්‍රහණය කර තිබේ.