දෙවන විස්සයි20 තරගයෙන් සිම්බාබ්වේ පිලට පහසු ජයක්
සයුරෙන් එතෙර

දෙවන විස්සයි20 තරගයෙන් සිම්බාබ්වේ පිලට පහසු ජයක්

September 6, 2025   07:53 pm

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩාම අතර පැවැති දෙවන විස්සයි20 තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත්විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක පරාජයට පත්කරමින්ය.

ඒ අනුව තරග 03කින් සමන්විත මෙම තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 80ක් පමණී.

එහිදී කමිල් මිෂාර 20ක් ද, නායක ච‍රිත් අසලංක ලකුණු 18ක්, දසුන් ශානක ලකුණු 15ක් ද රැස් කළේය.

අනෙක් කිසිඳු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාවවත් ඉක්මවා යාමට සමත් වී නොමැත.

ඒ අනුව ලැබුණු ලකුණු 81ක පහසු ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම 14.2 වන පන්දුවාරයේදී කඩුලු 05ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කයක සපුරා ගැනීමට සමත් විය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tashinga Musekiwa නොදැවී ලකුණු 21ක් රැස් කිරීමට සමත් වූ අතර Ryan Burl ද නොදැවී ලකුණු 20ක් රැස් කිරීමට සමත් විය.

එමෙන්ම Brian Bennett ලකුණු 19ක් රැස් කළ අතර Tadiwanashe Marumani ලකුණු 17ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර බිනුර ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.