මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත් බෝම්බ සහ උණ්ඩ කිහිපයක් හමුවෙයි
September 6, 2025 08:46 pm
හම්බන්තොට මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය තිබූ භූමිය තුළ තිබියදි ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද (06) සොයා ගෙන තිබේ.
එහිදී එම භූමියේ මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුත කැපූ කාණුවක තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක් T 56 ගිනි අවිස සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක් බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් එම නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.