හෝටල් කාමරයක් තුළ මළසිරුරක්

හෝටල් කාමරයක් තුළ මළසිරුරක්

September 6, 2025   06:06 pm

හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි පුද්ගලයෙකු ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරය තුළ මිය ගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට කොටගල ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණි වයස අවුරුදු 60ක් පමණ වන අයෙකි.

අදාළ පුද්ගලයා මිතුරෙකු සමග මෙම සංචාරක හෝටලයට පැමිණ ඇති අතර ඔහු සමඟ මත්පැන් පානය කිරීමෙන් අනතුරුව හෝටලය තුළ බිම ඇද වැටී තිබේ.

පසුව ඔහු නැගිට යළිත් කාමරය වෙත ගොස් ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් හෝටලයේ සේවකයෙකු විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇත.

පොලීසිය පැමිණ පරික්ෂා කිරිමේදි අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා හෝටලය තුළදීම මිය ගොස් ඇති බවය.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ස්ථාන පරික්ෂණය අද (06) පස්වරුවේ පවත්වා ඇති අතර සිරුර දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෙද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.