සයුරෙන් එතෙර
ගංවතුර නිසා පාකිස්තානයේ බෝ වන රෝග ඉහළට
September 6, 2025 02:47 pm
පාකිස්තානයට බලපෑ දරුණු ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ලවූ පන්ජාබ් පළාත තුළ බෝ වන රෝග සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ දරුවන් අතර බහුලව එවැනි රෝග ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
නවතම වාර්තා අනුව පන්ජාබ් පළාතේ ප්‍රදේශ කිහිපයක ළමුන් අතර උණ සහ පාචන රෝග වාර්තා වී ඇති බවත් පැවසෙයි.
පළාත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ ජීවිත ආරක්ෂා කරගැනීමට සහ රෝග පැතිරීම වැළැක්වීම සඳහා ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල වෛද්‍ය කඳවුරු පුළුල් කිරීමට උපදෙස්දී ඇති බවය.