රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් අත්හිටුවීමේ නියෝගයක්
September 4, 2025 03:38 pm
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අද (4) අතුරුතහනම් නියෝගයක් නිකුත් කළේය.
2023 වසරේ දී බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.
ඒ අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදෙනු ලැබීය.