සිහින ගමනාන්තය - පළමු දුම්රිය ස්ථානය නවීකරණය තල්පෙන් ඇරඹෙයි
September 2, 2025 03:05 pm
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි "සිහින ගමනාන්තය" පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරුණි.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය.
මෙහිදී ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීමේ වගකීම වත්මන් රජය අත්නොහැර ඉදිරියට ගෙන යන බවය.
පොදු ප්‍රවාහන දියුණු කිරිම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරිමට හැකියාව පවතින බවත් ඉදිරි වසර දෙක තුළ රට වැඩබිමක් කරමින් වේගවත් සංවර්ධනයනක් කරා ශ්‍රී ලංකාව ගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.