අගෝස්තුවේ සංචාරකයින් 198,235ක් මෙරටට ඇවිත්
September 1, 2025 07:03 pm
අගෝස්තු මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 20.4%ක වැඩිවීමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 46,473ක් පැමිණ ඇති අතර එය 23.4% කි.
තවද, එක්සත් රාජධානියෙන් 19,764ක්, ජර්මන් 12,500ක්, චීනයෙන් 12,294ක් සහ ප්‍රංශ ජාතිකයින් 10,495ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,566,523කි.
ඒ අතරින් සංචාරකයින් 325,595ක් ඉන්දියාවෙන්, 118,916ක් රුසියාවෙන් සහ 151,141ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.