නිධන් හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් DIG රිමාන්ඩ්

නිධන් හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් DIG රිමාන්ඩ්

September 1, 2025   06:16 pm

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හෑරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (01) දින හඳුනාගැනීමේ පැරැට්ටුවක් සඳහා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපක් කළේය.

එහිදී අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවට තහවුරු වූ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ඒ අනුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයා එළැඹෙන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.