හික්කඩුවේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට
September 1, 2025 05:46 pm
හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති එහිදි වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේ වන තෙක් අත්අඩංගුවට නොමැති බව වාර්තා වෙයි.
හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
කෙසේවෙතත් ඉන් එක් පුද්ගලයෙකු පමණක් තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.