අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යය වෙයි
September 1, 2025 07:21 am
අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සදහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.
කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.